Friday, April 17, 2026
Follow Us
පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.

ඒ, පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. කතානායකවරයා සහ නියෝජ්‍ය කතානායකයා පාර්ලිමේන්තු මූලාසනයේ නොසිටින අවස්ථාවක පත්කර සිටින කාරකසභා සභාපතිවරුන් 12 දෙනාගෙන් අයකු සභාවේ කටයුතු මෙහෙයවීම සිදුකරනු ලබනවා.

9 වැනි පාර්ලිමෙන්තුවේ කාරක සභා සභාපතිවරු ලෙස ඉකුත්දා පත්කෙරුණේ සාරතී දුෂ්මන්ත, එස් වේලූ‍කුමාර්, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, රෝහිනි කුමාරි විජේරත්න, සංජීව එදිරිමාන්න, කෝකිල ගුණවර්ධන, ඉසුරු දොංගොඩ, වසන්ත යාපා බණ්ඩාර, අජිත් රාජපක්ෂ, එස් ආර් රාසමාණික්කම් සහ වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්.

ඔවුන්ට පාර්ලිමේන්තුවේ කටයුතු සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබද වැඩමුලූ‍වක් ලබන 21 වැනිදා මෙලෙස පැවැත්වීමට නියමිතයි.

(Neth)