Wednesday, September 17, 2025
Follow Us
මෙරට දී නිපදවූ ස්නායු රෝග ඖෂධය වෙළෙඳපොළට

‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ ඖෂධ නිෂ්පාදන,සැපයුම්‍ හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පළමු ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) මගින් එලෙස නිපදවනු ලැබුවේ ස්නායු රෝග සඳහා යොදාගන්නා ‘ගැබාපෙන්ටින්’ නමැති ඖෂධයක්. මේ දක්වා එම ඖෂධය මෙරටට ආනයනය කිරීම සිදුකෙරුණා

පුද්ගලික අංශය මඟින් රුපියල් මිලියන 50ක් සහ රාජ්‍ය අංශය මඟින් රුපියල් මිලියන 15ක් ලෙස වාර්ෂිකව රැපියල් මිලියන 65ක් මෙම ඖෂධය ආනයනය සඳහා වැය වී තිබෙනවා.

මින් ඉදිරියට එම ඖෂධය ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් අවශ්‍යතාවය සපුරාලීමට නියමිතයි.

ඖෂධය වෙළෙඳපොළට ලබාදීම අද (16) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා

(Aruna)