Saturday, July 05, 2025
Follow Us
පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසිකළ යුතුයි – යෝජනාව සම්මතයි

“පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසිකළ යුතුයි” යන යෝජනාව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේදී අද (15) ඒකමතිකව සම්මත වී තිබෙනවා.

එම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදේශිය සභා මන්ත්‍රී නාලක තරංග සමරසිංහ මහතා ඉදිරිපත් කර ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසුමක් සිදුකර ඇති බව පැවසෙනවා.

අද දින (15) වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් 25 දෙනාගෙන් පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 23 දෙනෙක් පමණක් පමණක් බව ද වාර්තා වනවා.

එම 23 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවෙන් පිටතට ගොස් සිටි බවත් තවත් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ නොකර සිටි බවත් පැවසෙනවා.

අනෙකුත් මන්ත්‍රීවරුන් 21 දෙනාම “පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුයි” යන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බැවින් එම යෝජනාව එකමතිකව සම්මත වී ඇත.

(Lanka Leads)