Monday, January 12, 2026
Follow Us
20 පිළිබඳ කමිටු වාර්තාව අගමැතිට

20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අද එම කමිටුවේ නියෝජිතයින් විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.

ඒ, අරලියගහ මන්දිරයේදීයි. විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලූ‍තින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් එහිදී අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සැදුම්ලත් එම කමිටුවට සාමාජිකයින් 09 දෙනෙකු ඇතුළත් වුණා.

(Neth)