Thursday, July 03, 2025
Follow Us
මින් ඉදිරියට ශ්‍රී ලංකාවෙන් ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යවන්නේ රජයෙන් පමණයි

ඊශ‍්‍රායල රජය සහ ශ‍්‍රී ලංකා රජය ඇති කර ගත් රාජ්‍ය තාන්ති‍්‍රක ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ‍්‍රායලයට ශ‍්‍රමිකයන් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමග කම්කරු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ඊශ‍්‍රායයලයේ් ගෘහස්ථ සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා මෙරට පෞද්ගලික අංශය මගින් පසුගිය කාලයේ යවනු ලැබු ලාංකීකයන්ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කර ඇති බවට ඊශ‍්‍රායල රජයට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ‍්‍රමිකයන් ගෙන්වීම අත්හිටුවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් ගෙන්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ. මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ‍්‍රායලයට ශී‍්‍ර ලාංකීක ශ‍්‍රමිකයන් යැවීමට අවස්ථාවක් නොමැති බැවින් එවැනි ප‍්‍රචාරයන්ට නොරැුවටෙන ලෙස ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(Neth)