Monday, March 02, 2026
Follow Us
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යතුමා කමිටුවක් පත් කරයි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියොජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී.


කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි.
කමිටුවට අදාළ සාමාජිකයින් පහත පරිදි වේ.
1. ගරු අමාත්‍ය ජී.එල්.පීරිස් මැතිතුමා
2. ගරු අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා
3. ගරු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මැතිතුමා
4. ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
5. ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා
6. ගරු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා
7. ගරු රාජ්‍ය අමාත්‍ය එස්.වියලේන්ද්‍රන් මැතිතුමා
8. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මැතිතුමා
9. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මැතිතුමා
මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාට බාර දීමට නියමිතය.