Tuesday, September 16, 2025
Follow Us
ලබන වසර සදහා නොමිලේ බෙදා හැරෙන පාසල් පෙළපොත් මුද්‍රණයට සියල්ල සූදානම්

ලබන වසර සදහා නොමිලේ බෙදා හැරිමට අවශ්‍ය පාසල් පෙළපොත් වර්ග 400 ක් මුද්‍රණය කිරිමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව පෙළපොත් වර්ග 106 කින් එක් කෝටි 38 ලක්‍ෂ 90,000 ක් මුද්‍රණය කිරීමට නියමිතයි. ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,093 යි දශම 7 යි එකක්. එම පෙළපොත් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට නියමිතයි.

තවත් පෙළපොත් වර්ග 294 කින් පිටපත් දෙකෝටි පනස් පන් ලක්‍ෂ 41,500 ක් ද මුද්‍රණය කිරීමටයි නියමිතව ඇත්තේ. එහි වටිනාකම රුපියල් මිලියන 2,059යි දශම බින්දුවයි එකක්. එය විවෘත තර`ගකාරී ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදය මගින් තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මගින් මුද්‍රණය කරවා ගැනීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත්තේ.

(Neth)