Tuesday, September 16, 2025
Follow Us
ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි අරඹයි

ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

වසර ගණනාවක් පුරා අකර්මරණ්‍යව පැවති එම කටයුතු නැවත ආරම්භ කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

ගවේෂණ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රජය විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයට නව නිලධාරීන් දෙපළක් පත්කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සුදත් ඕවිටිගම මහතා සහ එහි උපදේශකවරයෙක් ලෙස සාලිය වික්‍රමසූරිය මහතාවත් පත්කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නිලධාරීන් දෙපළ ලොව පුරා මෙම කේෂ්ත්‍රය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලබා ඇති බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් රජය විසින් තීරණය කර ඇති වැටුප මත සේවය කිරීමට සිය කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක් බව ද පැවසීය.

(Aruna)