Tuesday, September 16, 2025
Follow Us
රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් ගමන් නවතී

සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් ගමන් මුදල් අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා ඇත.

සේවා ව්‍යවස්ථාවලට අදාළව පවත්වනු ලබන පාඨමාලාවල දී විදේශීය අධ්‍යයන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා ඉවත් කර එම පාඨමාලා නැවත සැලැසුම් කර ඇස්තමේන්තු සකස් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත මේ බව දැනුම් දී ඇත.

ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 යටතේ ‘‘2021-2023 මාධ්‍ය කාලීන රාමුව යටතේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශය’’ නමින් චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව කියා සිටී.

(Aruna)