Tuesday, September 16, 2025
Follow Us
හෙට සිට දින හතරක් පාර්ලිමේන්තුව රැස්වෙයි

මෙම සතියේ 8, 9, 10 සහ 11 යන දින හතරම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා පවසයි.

හෙට (08) දින දහවල් 01ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එදින දිනය පුරාම සවස 6.30 වන තෙක් මහබැංකු වාර්තා පිළිබද විවාදය පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

බදාදා දින සහ බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව රැස්වනුයේ උදෑසන 10.30ටයි. එම දින දෙකෙහිදීම පනත් පිළිබදව නියෝග කිහිපයක් ගැනීමට නියමිතව ඇත.

සිකුරාදා මුළු දිනය පුරාම තොණ්ඩමන් අමාත්‍යවරයා පිළිබඳ ශෝක ප්‍රකාශය විවාදයට ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේය.

(Aruna)