Monday, March 02, 2026
Follow Us
ඖෂධ පිළිබඳ තීරණ කිහිපයක් ගන්න වත්මන් රජයේ සූදානම්

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ "මෙහිදී අපි මිල වගේම ඒවායේ ප්‍රමිතිය ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා. මොකද පසුගිය රජය සමයේ ලංකාවට ගෙන්වූ ඇතැම් ඖෂධවල ප්‍රමිතිය ඉතාම බාල තත්ත්වයක තමයි තිබිලා තියෙන්නේ. අපිට ඒ පිළිබඳ සාධක පවා ලැබෙමින් පවතිනවා." යනුවෙනි.

(Neth)