Monday, March 02, 2026
Follow Us
අග්‍රාමාත්‍යතුමා, කතරගම කිරිවෙහෙර ආගමික වතාවත්වල නිරත වෙයි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020.09.04 දින කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදා ගත්තේය.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව කතරගම දේවාල භූමියට පැමිණි අග්‍රාමාත්‍යතුමා අෂ්ඨඵල බෝධිය වන්දනාමාන කළේය.

මෙම ආගමික වතාවත් සඳහා කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.