Tuesday, September 16, 2025
Follow Us
කවුරු කුමක් කීවත් පළාත් සභා පවත්වාගෙන යෑම නිෂ්ඵල දෙයක් – රජයට නිර්දේශ ඉදිරිපත් කරනවා

පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න ගැන නිර්දේශ තමා රජයට ඉදිරිපත් කරන බව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (3දා) පැවසීය.

මෙම නිර්දේශ ලබාදීමෙන් පසු ජනපති අගමැති සහ ඇමැති මණ්ඩලය එම නිර්දේශ ගැන සාකච්ඡා කර තීන්දුවක් ගනු ඇතැයි හෙතෙම තවදුරටත් පළ කළේය.

කවුරු කුමක් කීවත් පළාත් සභා පවත්වාගෙන යෑම නිෂ්ඵල කාර්යයක් බව තම අවංක අදහස බවද වීරසේකර මහතා කීවේය.

තම නිර්දේශ ඉදිරි සති දෙක තුළ රජයට ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

(Lanka Leads)