Tuesday, September 16, 2025
Follow Us
 ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා නව පනතක් ගෙන ඒම පිළිබදව සාකච්ඡාවක්

1973 අංක 25 දරණ (වරින් වර සංශෝධිත) ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට හා නව පනතක් ගෙන ඒම පිළිබදව අධීකරණ අමාත්‍ය ජනාධීපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් (03) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණී.

ඒ අනුව මාස 06ක් තුළ අදාල සංශෝධන සිදුකළ යුතු බවටත් පළමු මාසය තුළ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඊට අදාළ සංකල්ප පත්‍රිකාවක් සකස් කළ යුතු බවටත් සාකච්ඡාවේදී තීරණය විය.

එම සංකල්ප පත්‍රිකාව මත අදාළ සංශෝධන සිදු කිරීම සදහා අමාත්‍යාංශ දෙකෙහිම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය වූ අතර අදාළ කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බවට ද සාකච්ඡා විය.

අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටු වාර්ථාව මාස 02ක් තුළ ලබාගෙන ඒ පිළිබදව කෙටුම්පතක් සකස් කළයුතු බවත් පසුව ඒ පිළීබදව නැවත සාකච්ඡා කර ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළයුතු බවත් සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධා විජේකෝන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර යන මහත්වරුන් ඇතුලු අධීකරණ අමාත්‍යාංශයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් සහභාගී විය.

(news.lk)