Tuesday, September 16, 2025
Follow Us
පිටරට ආයෝජන ගේන්න ජනපති නායකත්වයෙන් ඇමැතිවරු 11ක්

රටට පැමිණීමට නියමිත විදේශ ආයෝජන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරුන් 11 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත

එම කමිටුවේ ප්‍රධානියා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාම කටයුතු කිරීමට නියමිතය.

රජයේ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව සහ එහි ඇඟවුම්, රාජ්‍ය අරමුදල් භාවිතය, නීත්‍යානුකූලභාවය, පාරිසරික ගැටලු, ඉඩම් හා හිමිකාරිත්වය භාවිතා කිරීම, රැකියා අවස්ථා, දේශීය වෙළඳපල කෙරෙහි ඇති කරන බලපෑම, විදේශ විනිමය හා බැංකු හා මූල්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීම මෙහිදී අපේක්ෂා කෙරේ.

උප කමිටුවේ සාමාජිකයින් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ඩලස් අල්හප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, වාසුදේව නානායකර සහ උදය ගම්මන්පිල කටයුතු කරයි.

(Lanka Leads)