Sunday, January 11, 2026
Follow Us
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන කමිටුවේ සාමාජිකයින් මෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රධානත්වය දරන සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (03) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම විද්වත් කමිටුව පත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබේ.

කමිටු සාමාජිකයින් මෙසේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
ජනාධිපති නීතිඥ සමන්තා රත්වත්තේ
මහාචාර්ය නදීමා කමුර්දීන්
මහාචාර්ය ජී.එච් පීරිස්
මහචාර්ය වසන්ත සෙනෙවිරත්න
ආචාර්ය ඒ. සර්වේෂ්වරන්

(Lanka Leads)