Tuesday, September 16, 2025
Follow Us
අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය වෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ 2020.08.31 දින පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ.
නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත ආරම්භ විය.


ඒ අනුව සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතය.
සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා හා අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අග්‍රාමාත්‍යතුමා මුණගැසී ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ කොටස් වෙළඳපොළ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ලොවට පියනැඟීමක් බවයි.
එහිදී ලෝකය සමඟ ගණු දෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමඟින් සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ තුළින් ලබාදීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ බව ද කියා සිටියේය.
මෙම අවස්ථාවට එක්වූ සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහත්වරු එදිනට නියමිත ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දුන්හ.