Tuesday, September 16, 2025
Follow Us
මත්ද්‍රව්‍ය, පාතාලය ලගදීම මෙරටින් සදහට තුරන් කරනවා

මත්ද්‍රව්‍ය, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි ශ්‍රී ලංකාවෙන් සදහටම තුරන් කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නැවතත් ත්‍රස්තවාදයක් මෙරට ඇති වීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ශ්‍රී ලංකාව තුළ නැවතත් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

රටේ කිසිදු ප්‍රදේශයක ත්‍රස්තවාදය යලි හිස එසවීමට ඉඩ නොතබා නියපොත්තෙන් කඩා දමන බවත් නැගෙනහිර පළාතේ දැඩි මතධාරී කණ්ඩායම් අත්අඩංගුවට ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.

(Lanka Leads)