විශ්වවිද්‍යාලවල යෝග්‍යතා පරීක්ෂණ පවත්වා සිසුන් තෝරා ගන්නා පාඨමාලා සඳහා මින් ඉදිරියට උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ලකුණු සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලින් ද අදහස් කැඳවා ඇති අතර විශ්වවිද්‍යාලවලින් වෙන වෙනම යෝග්‍යතා පරික්ෂණ පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමට කාලයක් ගත වීම ඇතුළු කරුණු කිහිපයක් මත අමාත්‍යාංශය ඉහත තීරණය ගෙන තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන්නේ උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබන්නන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ගත වන කාලය මාස හයකින් අඩු කිරීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළ අනුව ය.
විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මේ වන විට වසර එකහමාරක් පමණ ගත වන බවත් එවැනි කාලයක් ගත්වීම අපරාධයක් බවත් කී ඉහත කරුණු දැක්වූ නිලධාරියා එම කාලය අනිවාර්යයෙන් ම මාස හයකින් අඩු කරන බවත් කීවේය.
(Lanka Leads)