Tuesday, September 16, 2025
Follow Us
අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

නොවැම්බර් මාසයේදී අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර 20 වැනි සංශෝධනය සම්මත කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයාට පූර්ණ බලතල සහිතව 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමටද ආණ්ඩුව තීරණය කර ඇත.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයා බැලීමේ කමිටුවක් ද ආණ්ඩුව විසින් පත් කරනු ලැබ ඇති අතර මේ දිනවල එම කමිටුව විසින් අදාළ කටයුතු සිදු කරමින් සිටියි.

 

(Lanka Leads)