19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේදී එහි ඇති සාධනීය කරුණු දෙකක් 20 වැනි සංශෝධනය හරහා බලාත්මක කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
මල්වතු සහ අස්ගිරි නාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව අද (30) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී පෙන්වා දුන්නේ "19 ගෙනාවේ පෞද්ගලික දේශපාලන හේතු මතයි. හැබැයි මේ 19යේ තිබෙනවා යම් යම් සාධනීය ලක්ෂණ. උදාහරණයක් ලෙස ජනාධිපති ධූර කාලය සීමා කිරීම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් වාර ගණන සීමා කිරීම වගේ දේවල්. මා දන්නා පරිදි ජනාධිපතිතුමාගේ අපේක්ෂාව තියෙන්නේ ඒ කරුණු දෙක තියාගන්න. " යනුවෙනි.
නව ව්‍යවස්ථාවක් හරහා උප අග‍්‍රාමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති කතබහ පිළිබදව ද මාධ්‍යවේදීන් මෙහිදී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගෙන් විමසීමක් කළා.
එහිදී සඳහන් කෙරුණේ අලුත් ව්‍යවස්ථාවේ අන්තර්ගතය කුමක්ද කියන දේ දැන්ම පුරෝකතනය කළ නොහැකියි යනුවෙනි.
(Neth)