2021 වර්ෂයට අදාළව ඡන්ද හිමි නාම ලේඛනය සංශෝධනයට අදාල වන කටයුතු සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. සෑම වර්ෂයකම ජූනි මස 01 වනදා වන විට සංශෝධනයට ලක් කරණ ඡන්ද හිමි නාම ලේඛනය කෝවිඩ්19 වෛරසය පැතිරීමත් අගෝස්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමත් යන කාරනා නිසා කල් දැමීමට හේතු වූ බව පවසන මැතිවරණ කොමසාරිස් කාර්යාලය 2021 ඡ්න්දහිමි නාම ලේඛනය 2021 මාර්තු මාසය වන විට අවසන් කිරීමට නියමිත බවද පැවසේ. ඡන්ද හිමි නාමලේඛනය සංශෝධනයට අදාළ සියළුම ලියකියවිලි ග්‍රාමීය මට්ටමෙන් ගණන් බලන නිලධාරියා වන ග්‍රාම සේවා නිලධාරින් වෙත දැනටමත් යවා ඇති බව පවසා සිටී.
මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අනුව ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම අයෙකුට ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කිරීමට හැකි බව කියවේ.
(Lanka Leads)