Tuesday, September 16, 2025
Follow Us
මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට සිදුවන හේතු පැහැදිළි කරයි

මත්පැන් කාලේ බෝතල් හේතුවෙන් පරිසරයට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පරිසර අමාත්‍යංශය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිරි සතියේදී අදාළ මත්පැන් සමාගම් කැඳවා මත්පැන් කාලේ බෝතල් යළි ලබාගැනීමේ ක‍්‍රමවේදයක් සකසන ලෙස දැනුම් දෙන බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
එසේ කළ නොහැකි නම් මත්පැන් කාලේ බෝතල් අලෙවි කිරීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ආහාර ද්‍රව්‍ය අඩංගු නොවන ෂැෂේ පැකට්ටු ද තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මත්පැන් කාලේ බෝතල් අලෙවි කිරීම තහනම් කිරීම සදහා දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණේ.

(Neth)