Tuesday, September 16, 2025
Follow Us
ආනවිලූන්දාව රම්සා තෙත්බිම් සිද්ධියට පංච පුද්ගල කමිටුවක්

ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියෙන් කොටසක් ඉස්සන් ගොවිපළක් සකස් කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක තීරණය කර තිබෙනවා.

ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියේ ඩෝසර් කර ඇති කොටස නිරීක්ෂණය සඳහා ඊයේ (29) පස්වරුවේ එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියෙන් කොටසක් ඉස්සන් ගොවිපළක් සකස් කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ලබන මස 04 වැනිදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අදාළ සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු හා ඩෝසර් යන්ත‍්‍රයේ කි‍්‍රයාකරුයි.

(Neth)