පිටරටින් ඇඟළුම් ආනයන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව බතික් සහ අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
"අද වෙනකොට ආනයන විශාල ප්‍රමාණයක් සීමා වෙලා තියෙනවා. ඒ වගේම අපනයනත් විශාල ප්‍රමාණයක් සීමා වෙලා තියෙනවා. ලංකාවට අද අපට දේශීයත්වය මුල්කර ගත් ජාතික සම්පත් ශක්තිමත් කරමින් එය ආරක්ෂා කරගනිමින් මූලිකවම අපේ දේ අපටම නිපදවා ගන්න පුළුවන් වාතාවරණයක් මුලින් අපි සකස් කරගත යුතුයි මේ අර්බුදයෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ගැළවෙන්න අවශ්‍ය නම්.
ඉතිං දේශීය ඇඟළුම් නිෂ්පාදකයින් ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අනිවාර්යයෙන්ම යායුතු වෙනවා. ඒ අනුව අද ගෝඨාභය ජනාධිපතිතුමා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා පිටරට වලින් ගෙනෙන සියලුම ඇඟළුම් නතර කිරීම සඳහා. අලුත් ඇඟළුම් කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් දේශීය වශයෙන් ආරම්භ කරන්න අවශ්‍ය වාතාවරණය අද අපි සකස් කරලා තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹදී පැවති ප්‍රදර්ශනයක් නැරඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)