Saturday, January 10, 2026
Follow Us
ජනපති ගෝඨාභය අද ලංකාගමට

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප‍්‍රශ්නගත මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි.

මේ අතර, ආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

(NEth)