Wednesday, October 14, 2026
Follow Us
පාර්ලිමේන්තු කාරක සභා 06 කට මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය‍

නව පාර්ලිමේන්තුවේ කාරක සභා 06 කට අදාල සාමාජිකයන් පත් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාල කාරක සභා නියෝජනය කරන සාමාජිකයන්ගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඒ සඳහා සභාවේ අනුමැතිය හිමි විය.

මෙසේ අනුමැතිය හිමිව තිබෙන්නේ ව්‍යවස්ථාදායක කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යන කාරක සභා සඳහා සිදුකළ පත්වීම් සඳහායි.

(LNW)