Saturday, January 10, 2026
Follow Us
අතුරු සම්මත ගිණුම ගැන විවාදයේ දෙවන දවස අද

අද දින (28) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන විවාදය පැවැත් වීමට නියමිතයි.

ඊයේ දින (27) රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ වුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට කටයුතු කර ඇති පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිලිබඳ දැනුම්දීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද ඊයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

(Aruna)