Tuesday, September 16, 2025
Follow Us
සමාජ ජාල කැළඹූ 'සිංහරාජ පාර' බලන්න ජනපති යයි

ආන්දෝලනයට තුඩුදී තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන ලංකාගම - නෙළුව මාර්ගය පෞද්ගලිකව නිරීක්ෂණය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කර ගෙන සිටින බවට අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුවා.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කීයා සිටියේ මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වනාන්තරය ආශ්‍රිත පරිසර පද්ධතියට යම් හානියක් සිදුවනවාද යන්න සම්බන්ධයෙන් වාර්තාවන් ලාබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් පරිසර අමාත්‍යාංශයෙන් වාර්තාවක්ද කැඳවා ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී සඳහන් කළා.

එම වාර්තාවන් ලැබෙන තෙක් ජනාධිපතිතුමා විසින් සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වීමත් සමග ඒ පිළිබඳ ජනතාව අතර දැඩි කතාබහක් මතුව තිබුණා.

(Neth)