Saturday, January 10, 2026
Follow Us
දිගු කාලීන ප්‍රතිලාභ ලැබීම සඳහා ජනතාව සීමිත කාලයක් කැපකිරීම් කළ යුතුයි ! - කැබිනට් ප්‍රකාශක

දිගු කාලීන ප්‍රතිලාභ ලැබීම සඳහා ජනතාව සීමිත කාලයකට කැපකිරීම් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

ඒ අනුව මේ මොහොතේ සීමිත කාලයක් සඳහා කැපකිරීම් කරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ ඒ අවස්ථාවන්හිදී කැපකිරීම් සිදු නොකර නිශ්චිත ඉලක්කයන් කරා යෑමට හැකියාවක් නොලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජය විසින් ආනයන සීමා කිරීම නිසා ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

(LNW)