කොවිඞ් ව්‍යසනය හමුවේ සීමාකර තිබූ පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ අනුව ලබන 8 වැනිදා සිට පාසල්වල ප‍්‍රාථමික පන්ති ඇතුළු සියලූ පන්ති සුපුරුදු පරිදි පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
06 වසර සිට 13 වසර දක්වා මෙතෙක් සීමාකර තිබූ පාසල් අධ්‍යයන කටයුතු සැප්තැම්බර් 02 වැනිදා සිට සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යෑමට කටයුතු කරන බව හෙතෙම කීය.
01 වසර සිට 05 වසර දක්වා පාසල් පෙරවරු 7.30 ට ආරම්භ වී පෙරවරු 11.30 ට අවසන් වන අතර 06 වසර සිට 13 වසර දක්වා පාසල් පෙරවරු 7.30 ට ආරම්භ වී දහවල් 1.30 ට අවසන් වේ.
(Lanka LEads)