Tuesday, September 16, 2025
Follow Us
සෑම සඳුදා දිනක්ම කර්මාන්ත දිනයක්

සතියේ සෑම සඳුදා දිනක්ම ‘කර්මාන්ත දිනයක්’ ලෙස නම් කර, එය කර්මාන්තකරුවන් සඳහා වෙන්කර කර්මාන්තකරුවන්ට අමාත්‍යවරයා සෘජුවම හමු වීමේ අවස්ථාව සලසා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කර තිබේ.

දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට මගපෙන්වීමේ සහ කර්මාන්ත නගා සිටුවීමේ අරමුණෙන් ඊයේ(24) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති ජනතා හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් රැසක් තමන් මුහුණ පා ඇති දුෂ්කරතා මෙන්ම තම කර්මාන්ත සංවර්ධනය පිණිස ලැබිය යුතු සහයෝගය ආදී කරුණු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත ඉදිරිපත් කළ අතර එහිදී නව නිෂ්පාදන යෝජනා වෙතද අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.

දේශීය කර්මාන්තකරුවා මේ වන විට මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කළ අතර ඉදිරියේදී සියලු කරුණු සඳහා නිසි විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව හෙතෙම ඔවුන් හමුවේ පැවසීය.

(Aruna)