Tuesday, September 16, 2025
Follow Us
ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට බැසිල්ගෙන් සැලසුම්

නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් මෙරටට අවශ්‍ය බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආයතනයක නායකත්වය වෙනස් වූවත් වැඩපිළිවෙල තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක‍්‍රමවේදයන්හි වෙනසක් පිළිබද අවධානය යොමු කළ යුතු බවයි. ශ‍්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්‍ෂ මේ බව සදහන් කළා.

රට ගොඩනගන වැඩපිළිවෙල හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙනයන වැඩපිළිවෙලට දායක වන ලෙසටද ශ‍්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමයෙන් මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

එම සාකච්ඡාවේදී ගණකාධිකරණ ක්ෂේත‍්‍රයේ පවතින ගැටලූ‍ එම සංගමය විසින් බැසිල් රාජපක්ෂට යොමුකළ අතර ඔවුන්ගේ ගැටලූ‍ සහ යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.

(LIN)