Tuesday, February 17, 2026
Follow Us
යෝජිත නව ව්‍යවස්ථාවට 19 වන ව්‍යවස්ථාවේ වැදගත් වගන්ති එක් කරයි

යෝජිත නව ව්‍යවස්ථාව සඳහා 19 වන ව්‍යවස්ථාවේ වැදගත් වගන්ති එක් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. නව ව්‍යවස්ථාව සදහා පළමු සංශෝධන වටය ආරම්භ කරන්නේ විද්වත් සහ ජනතා අදහස් ද ලබා ගනිමින් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති හරහා රටේ ඉදිරි ගමනට බාධා සිදුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ඉකුත්දා පත් කළා. මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල සහ අලි සබ්රි යන අමාත්‍යවරු මෙම පංච පුද්ගල අනුකමිටුවට අයත්.

(Neth)