Tuesday, February 17, 2026
Follow Us
සැප්තැම්බර් මස 02 වැනි බදාදා දින සිට පාසල් පැවැත්වෙන කාලසීමාවේ සංශෝධනයක්

කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනි බදාදා දින සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මස අවසන් වන තුරු පමණක් පෙ.ව. 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වේ.

(news.lk)