Tuesday, February 17, 2026
Follow Us
ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

කටුනායක ගුවන්තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට සිදුකරන ගෙවීම් අත්හිටුවීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අදාළ සමාගම් අසාධු ලේඛනයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසයි සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.

නියමිත දිනට ඉදිකිරීම් අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම් සඳහා අමතර කාලයක් ලබානොදෙන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේ ඉදිරි සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීමේ අවස්ථාවට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළා.

(Neth)