Tuesday, September 16, 2025
Follow Us
කම්කරු මරණයකදී ගෙවන වන්දිය ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට සාකච්ඡා

වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මියගිය විට එම පවුල සම්පූර්ණයෙන්ම අසරණ වන බැවින් රුපියල් ලක්ෂ 05 ක වන්දි වෙනුවට එම වන්දි මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතු බව අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී පෙන්වා දී තිබෙනවා.

මේ වන විට ගොඩගැසී ඇති කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් ද එහිදී යෝජනා කර තිබෙනවා.

මේ රටේ වැඩකරන පන්තිය වෙනුවෙන් විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවට ඇමතිවරයා කළ යෝජනාවට පැමිණි සිටි පෞද්ගලික අංශයේ නියෝජිතයින් එකඟ වී තිබෙනවා.

ඊට අමතරව පුද්ගලික අංශවලට ද ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට වෘත්තීය සමිති නියෝජිතයින් කළ යෝජනාවට ඇමතිවරයා එකඟ වී තිබෙනවා.

එසේම සේවක අර්ථ සාධක අරමුදලේ සේව්‍යාගේ කොටස 15 % ක් කළ යුතු බවට කළ යෝජනාවට පිළිතුරු දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රටේ ආර්ථිකය ද රැකගනිමින් කම්කරු අයිතිවාසිකම් සුරැකිය යුතු බවයි.

(Neth)