Friday, April 26, 2024
Follow Us
ජනපති අද පුත්තලමට

පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරඟවදින අපේක්ශකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙයි.

පුත්තලම, නීලබැම්ම ග්‍රාමය සෑම වර්ෂා කාලයකදීම ගංවතුරට ගොදුරුවන බව ප්‍රදේශවාසීහූ පවසතී. පුත්තලම සතිපොල භුමියේ පැවති ජන හමුවකට එක් වූ ජනාධිපතිතුමා සමග ඔවූහු මේ බව සදහන් කළහ.

මේ පිළිබද අදාළ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කර විධිමත් වැඩපිළිවෙළක් සකසන බව ජනාධිපතිතුමා ජනතාවට දැනුම් දුන්නේය.

ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන වන අලි තර්ජනයට ස්ථිර විසදුමක් ලබාදීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. පොහොර හිඟය ඇතුළු කෘෂිකර්මාන්තය ආශ්‍රිත වෙනත් ගැටළු ද ජනතාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

පුත්තලම නගරය ආසන්නයේ පැවති ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. අපේක්ශක චින්තක මායාදුන්නේ මහතා එය සංවිධානය කර තිබිණි.

විල්පත්තුව වනෝද්‍යානයේ, එළුවන්කුලම පිවිසුමේ පාලම ප්‍රතිසංස්කරණය කර සංචාරකයින්ට පැමිණීමට අවස්තාව සලසා දෙන්නැයි සංචාරක කර්මාන්තයේ නිරත පිරිස යෝජනාවක් ඉදිරිපත් කළහ. සේනකුඩිරිප්පුව ග්‍රාමයේ පොළොවෙන් මතුපිටට ජල ඉනීමක් සිදුවෙයි. ඒ නිසා ප්‍රදේශය ගිලා බැසීමේ අවධානමට ලක්ව තිබේ. ඒ පිළිබද අදාළ පාර්ශව දැනුවත් කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටද ජනාධිපතිතුමා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

භෝග වගාව සදහා කලාඔයෙන් ජලය සපයා ගැනීමේ යෝජනාවක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. අනවසරෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නොරෝච්චෝල තාප බලාගාරයේ ගිවිසුම් ප්‍රකාරව ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා නොලෑබීම සම්බන්ධයෙන් විසදුමක් දෙන බවද ජනාධිපතිතුමා සදහන් කළේය.

සනත් නිශාන්ත, ප්‍රියන්ත ජයරත්න, අරැන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරැන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Aruna)