Friday, April 26, 2024
Follow Us
පාසල් සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම් මාස හයකට නවතී

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සියලු බාහිර ක්‍රියාකාරකම් ඉදිරි මාස හයේ දී සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. කොවිඩ් – 19 වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

දරුවන් අධ්‍යාපන කටයුතුවලට පමණක් යෙදවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරු දැනුවත් කර තිබේ. මේ අනුව ක්‍රීඩා තරග, විවාද තරග ඇතුළු සාහිත්‍ය තරගවලට දරුවන් යොමු කිරීම නතර කරනු ඇත.

එහෙත් ජාත්‍යන්තර සමස්ත ලංකා තරගවලට පමණක් ඉදිරිපත් වන පාසල් දරුවන්ට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. විද්‍යාලවල ආචාර්ය මණ්ඩලද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි නිවාඩු ලබා ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

(Aruna)