Wednesday, July 02, 2025
Follow Us
සැප්තැම්බර් 07 උසස් පෙළ විභාගය තබන්න මහජන මතය හොයයි

අ.පො.ස. උසස් පෙළ විභාගය 2020 පැවැත්වීමට නියමිත දිනය පිළිබඳව මහජනතාවගේ මතය ලබා ගැනීම සඳහා මාර්ගගත සමීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

2020 සැප්තැම්බර් 07 දින විභාගය පැවැත්වීම පිළිබඳ මහජන මතය ලබා ගැනීම සඳහා සමීක්ෂණය පැවැත්වීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිදු කිරීමට නියමිත අන්තර්ජාල සමීක්ෂණය බදාදා (01) ආරම්භ කරන ලද අතර එය ජූලි 10 දක්වා සිදු කෙරේ.

මේ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීම සඳහා පහත සබැඳිය භාවිතා කරන ලෙස මහජනතාවට උපදෙස් දී ඇත.

https://forms.gle/HTaoMt6fe2sqQxXJ7

(Neth)