මහ මැතිවරණයට අදාලව ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනා ලියනගේ මහත්මිය පවසන්නේ ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර මේ වනවිට මැතිවරණ කොමිසම වෙත භාරදීමට කටයුතු කර තිබෙන බවයි.
මහ මැතිවරණයට අදාල අතිරේක ලේඛන මුද්‍රණය කිරීම ලබන සතිය වනවිට අවසන් කර මැතිවරණ කොමිසම වෙත භාරදීමට නියමිතය.
මේ අතර මහ මැතිවරණ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 13 වැනිදා වනවිට තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය. එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ජුලි මස 29 වැනිදා වනවිට බෙදාහැරීම අවසන් කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ.
(LNW)