Saturday, February 07, 2026
Follow Us
ඡන්දය දීමේ වෙලාව ගැන අවසන් තීරණය අද

පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව අද (30 වැනිදා) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.

ඡන්දය විමසීම 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර, එය තවත් පැයකින් දීර්ඝ කිරීම සම්බන්ධව අද දිනයේදී අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී තිබෙන කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණ කටයුතු සිදුකිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය සඳහා ද වැඩිවේලාවක් ගත වේ. එබැවින් ඡන්දය විමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තවත් කාරණා රැසක් පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව අද (30 වැනිදා) සාකච්ඡා කිරීමට නියමිතය.

(Lanka LEads)