Thursday, May 14, 2026
Follow Us
"සිතුවිලි සිත්තම්" ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයක්

ජාතික ළමා ආරක්ෂක අධිකරිය මගින් පවත්වනු ලැබූ "සිතුවිලි සිත්තම්" චිත්‍ර, පෝස්ටර් හා කාටුන් නිර්මාණ ජාතික සිතුවම් නිර්මාණ තරගාවලියේ ජයාග්‍රාහකයන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ටී.එච්.රුචිර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (18) පැවැත්විණි.

 

ජාතික මට්ටමේ පදක්කම්, සහතික හා සම්මාන පිරිනැමුණ මෙම චිත්‍ර, පෝස්ටර් හා කාටුන් නිර්මාණ ළමා අයිතීන් හා ළමා ආරක්ෂණය පිළිඹිබු වන ආකාරයෙන් මෙම තරගය ක්‍රියාත්මක කෙරිණි.