Tuesday, February 10, 2026
Follow Us
ගෘහාශ්‍රිත සතුන්ටත් කොරෝනාදැයි පරීක්ෂාවට

මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ගෘහාශ්‍රිතව ජිවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරික්ෂාවට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේශනය වීම පිළිබඳව මේ දක්වා ලොව කිසිඳු රටකින් වාර්තා වී නැහැ.

කෙසේ වෙතත්, මිනිසුන්ගෙන් සතුන්ට එම වෛරසය සම්ප්‍රේශනය වන බවට මේ වන විටත් තහවුරු වී තිබෙනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය කියා සිටියා ය.

(Lanka Leads)