Saturday, July 12, 2025
Follow Us
ඇඳිරි නීතිය උල්ලංඝණය යටතේ පොලිස් භාරයට ගත් වාහන ගැන දැනුම් දීමක්

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගැනුණු වාහන එලෙස පොලිස් භාරයට ගෙන සති දෙකක් ගත වී ඇත්නම් එම වාහන මුදා හරින්නැයි වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් වෙනත් වැරදි සම්බන්ධයෙන් හෝ විමර්ෂණ සඳහා අවශ්‍ය වන්නේ නම් එවැනි වාහන එලෙස මුදා හැරීම අවශ්‍ය නොවන බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කර තිබීම සැහැල්ලූ වීමට අවස්ථාවක් ලෙස නොසලකන්නැයි පොලිසිය මහජනතාවගෙන් නැවත ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කර තිබියදී වුවද නිවසින් බැහැරව යාම අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් සීමා කළ යුතු බවයි අවධාරණය කෙරුණේ.

(Neth)