Sunday, October 11, 2026
Follow Us
කොටහේනේ කාන්තාවගේ පුත‍්‍රයා ඇසුරු කළ පිරිසක් නිරෝධායනයට

කොරෝනා වෛරසය ආසාදනය වූ කොටහේනේ කාන්තාවගේ දෙවන පුත‍්‍රයා ලගින් ඇසුරු කල ග‍්‍රෑන්ඞ්පාස් ශ‍්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තුන් දෙනෙකු අද (18) උදෑසන නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාල කාන්තාවගේ දෙවන පුත‍්‍රයා කිහිප වතාවක්ම ග‍්‍රෑන්ඞ්පාස් ශ‍්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප‍්‍රදේශයට පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඊයේ දිනයේදී හදුනාගත් ආසාදිතයින් 6 දෙනාගෙන් තිදෙනෙකු වූයේ කොටහේනේදී හදුනාගත් කෝරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා සහ පුතුන් දෙදෙනායි.

(Neth)