Saturday, July 12, 2025
Follow Us
ඔබ තරබාරු නම් කොවිඩ් අවදානමත් වැඩියි - මහාචාර්ය තිස්ස විජේරත්න

සිරුරේ තරබාරු බව අධික පුද්ගලයන්ට කොවිඩ් වෛරසය මාරාන්තික වියහැකි බවට පර්යේෂණයකින් හෙළි වී ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානී මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බවයි විජේරත්න මහතා පෙන්වා දෙන්නේ.

අදාල වෛද්‍ය කණ්ඩායම මාසයක පමණ කාලයක් තිස්සේ කොවිඩ් රෝගීන් 4000 කට අධික ප්‍රමාණයක් ආශ්‍රයෙන් මෙම පර්යේෂණය සිදුකළ තිබේ. එහිදී සිරුරේ තරබාරු බව අධික නම් ජීවිත හානි සිදුවීමේ අවදානම වැඩි බව මහාචාර්යවරයා පවසනවා.

සමාජ දුරස්ථභාවය තබා ගනිමින් නිවසට වී සිටින කාලය තුළ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම ශරීර සුවතාවය පවත්වා ගැනීම වැදගත් බව තිස්ස විජේරත්න මහතා අවධාරණය කරයි.

(LNW)