කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ 03 වන කොටස සඳහා විකෘති ආකාරයේ “BOT” කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. එවැනි ගිවිසුමකට එළඹුන හොත් රජයට විශාල පාඩුවක් සිදුවිය හැකි බවයි පෙනී යන්නේ.
මෙම විකෘති “BOT” ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති 02 සඳහා ස්වෛරී ඇපකරයන් හෝ වෙනත් ඇපකරයන් නොමැති වුවත්, නොයෙකුත් ගිවිසුම්වලට හා කොන්දේසිවලට යටත්වීමට සිදුවනු ඇති බවට ද වාර්තා පල වනවා.
එහෙත් මෙම ව්‍යාපෘති දේශීය හෝ විදේශීය වාණිජ ණයක් ලබාගෙන ව්‍යාපෘතියේ ඉංජිනේරු වටිනාකම සියයට 20 ක් නොඉක්මවන පරිදි ප්‍රදානය කළ හොත් රජයට වාසිදායක අයුරින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ අයුරින් කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය ක්‍රියාත්මක කළහොත් “BOT” ක්‍රමයට වඩා රුපියල් බිලියන 150 ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි බවයි පැහැදිළි වන්නේ.
මධ්‍යම අධිවේගයේ 03 වන කොටස සඳහා ඉංජිනේරු ඇස්තමේන්තුවට සියයට 20 ක මුදලක් වැඩියෙන් කොන්ත්‍රාත් ප්‍රදානය කළ හොත් “BOT” ක්‍රමයට ක්‍රියාත්මක කරනවාට වඩා රුපියල් බිලියන 225 ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි බව ද පෙනී යනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මූල්‍ය අනුපාතයන්ට හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් අනුව ඉහත කී සංඛ්‍යා ලේඛණ පැහැදිලි වනවා.
සාමාන්‍යයෙන් “BOT” ක්‍රමය භාවිත කරන්නේ රජය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවිටදී හෝ දිගුකාලීන සහනදායක ණය ලබාගැනීමට නොහැකිවිට හෝ රජයේ ණය ලබාගැනීමේ සීමාව ඉක්මවා ඇති අවස්ථාවලදීයි.
“BOT” ක්‍රමය යටතේ ව්‍යාපෘතියක් ඉදිකර එහි ආදායම අවුරුදු 25 ත් 30 ත් අතර කාලයකට ආයෝජකයා ලබාගෙන නැවත රජයට ව්‍යාපෘතිය භාරදීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියයි. එම කාලය තුළ ලබා ගන්නා ආදායම ප්‍රමාණවත් නොවේනම් එම හිග මුදල අදාළ ආයෝජකයා වෙත ගෙවීම සිදු වනවා. වසර 25 ක පමණ කාලයක් අදාළ ව්‍යාපෘතියේ ආදායම රජයට නොලැබුණ ද එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ජනතාවට හිමිවනවා. රජයට ණය ගෙවීම පිළිබඳ විශාල ගැටළුවක් මතුවන්නේ ද නැහැ.
කෙසේවෙතත් ඉහත කී අධිවේගී මාර්ග කොටස් 02 සඳහා ඊට හාත්පසින්ම වෙනස් “BOT” ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානමක් ඇති බවටයි වාර්තා පළ වන්නේ.
ඉහත ව්‍යාපෘති සඳහා එළඹීමට නියමිත එම ගිවිසුම් අනුව අවුරුදු 03 කින් පමණ අදාල ව්‍යාපෘති අවසන් කළ පසුව එතැන් පටන් ණය ව්‍යාපෘතියක් පරිදි වාර්ෂික ණය වාරික ගෙවීමට සිදුවන බව ද වාර්තා වනවා. එහෙත් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රමාණය වාණිජ ණය ලබාගෙන ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති මෙන් 03 ගුණයක් පමණ වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එම් එෆ් අන්ලිමිටඩ් වැඩසටහනේදීද මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝ මීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරුණා.
(Neth)