Thursday, May 16, 2024
Follow Us
මහසෝන් බලකායේ අමිත් වීරසිංහත් අත්අඩංගුවට

මහසෝන් බලකායේ ප්‍රධානියා ලෙස හඳුන්වන අමිත් වීරසිංහ යන අය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඊයේ (13) සහ පෙරේදා (12) දිනවල ජාතිවාදී පදනමින් ඇති කළ කළහකාරී තත්වයන් සම්බන්ධයෙන් සැකපිට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස හඳුන්වන නාමල් කුමාර නමැත්තා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

අමිත් වීරසිංහ යනු පසුගිය වසරේ මහනුවර, දිගන ප්‍රදේශයේදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ මාස ගණනක් රක්ෂිත බන්ධනාගාරගත කර සිට 2018 ඔක්තෝබර් 31 වනදා ඇප මත නිදහස් වූ පුද්ගලයෙකි.

(LNW)