Wednesday, July 23, 2025
Follow Us
ගාල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම්
ගාල්ල දෙවට ප්රදේශයේ බහුවිධ ප්රවාහන සේවා මධ්යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ප්රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ විශේෂ ව්යාපෘතියක් වශයෙන් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරිණී.

මෙහිදී අදහස් දක්වමින් සම්බන්ධීකරණ කමිටු සභාපති නලින් හේවගේ මහතා පැවසුවේ මේ පිළිබඳ සැලසුම් සකස් කර බලයලත් ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසයි.

යෝජිත බහුවිධ ප්රවාහන මධ්යස්ථානය මගීන්ගේ පොදු ප්රවාහන අවශ්යතාවය වෙනුවෙන් ආරක්ෂිත,වේගවත්,සුවපහසු සහ පරිසර හිතකාමී අයුරින් ඉදි කෙරේ.
 
මෙහිදී සැපයෙන සේවාවන් අතර අන්තර් පළාත් දුම්රිය සේවා,අවසන් ගමනාන්ත සේවා, park & ride,waiting area,ප්රවාහන තොරතුරු,ආරක්ෂාව,offload parking, සනීපාරක්ෂාව,ආපනශාලා,බැංකු ඇතුළු සේවා පද්ධතියක් වශයෙන් ඉදි කිරීමට යෝජිතය.